Gossips

අනුරාධපුරයේදී වනඅලියෙකු වෙඩි වැදී මරුට

අනුරාධපුර – හිදෝගම – හල්මිල්ලකුලම ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් වන අලියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අවුරුදු හතරහමාරක් පමණ වයසැති මෙම අලියා අසල හේන් යායකට දින දෙකකට පෙර පැමිණි අවස්ථාවේදී වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා ඇති බවටයි ප්‍රදේශවාසීන් වනජිවි නිලධාරින්ට දන්වා ඇත්තේ.
ඉන් අනතුරුව, එම ස්ථානයට වනජිවි නිලධාරින් පැමිණ වනඅලියාට ප්‍රතිකාර කටයුතු සිදුකළ ද, වනඅලියා ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වනඅලියාට වෙඩි තබා ඇති බවයි.