Gossips

අනුරාධපුරයේදී බිරිඳ මැරූ සැමියාගේ මරණයත් ඝාතනයක් බවට හෙළි වේ

අනුරාධපුර – ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී හෙදියක වූ තම බිරිඳ ඝාතනය කර ඉන් අනතුරුව සිය දිවි හානි කර ගත් බවට සැක කළ පුද්ගලයාගේ මරණය ද ඝාතනයක් බවට අනාවරණ වී තිබෙනවා.
ඒ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්.එම්.එච්.එම්.කේ. සේනානායක සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදියි.
එහිදී අනාවරණ වී ඇත්තේ අතින් ගෙල මිරිකීමෙන් මෙම පුද්ගලයාගේ මරණය සිදුව ඇති බවටයි.
පසුගිය 28 වන දා මිය ගිය පුද්ගලයා තියුණු ආයුධයකින් පහර දී බිරිඳ ඝාතනය කර ඉන් අනතුරුව වතුර පිරුණු විශාල ගල් වළකට පැන මොහුද සිය දිවි හානි කර ගත් බවට වාර්තා වුණා.