Gossips

අනුරාධපුරයේදී පුද්ගල ඝාතනයක්

අනුරාධපුර – දීපානි මහා විද්‍යාලය ඉදිරිපිටදී සන්නද්ධ කණ්ඩායමක් විසින් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ කුලී පදනම මත වාහන සපයන 45 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (05) පස්වරුවේ මෙලෙස ඝාතනය කර ඇති බවයි.
ඔහු අනුරාධපුර – විජයපුර – රුහුණු මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු පදිංචිව සිටි නිවසට ඊයේ පස්වරුවේ පුද්ගලයෙකු පැමිණ සිය මෝටර් රථය ක්‍රියාවිරහිත වී ඇති බව පවසා, එය පරීක්ෂා කිරීම සඳහා කැඳවාගෙන ගොස් තිබෙනවා.
පසුව දීපානි මහා විද්‍යාලය ඉදිරිපිටට පැමිණෙනවාත් සමඟ මහ මඟ රැඳී සිටි සන්නද්ධ කණ්ඩායමක් තියුණු ආයුධවලින් පහරදී පළාගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
සැකකරුවන් සහ ඝාතනයට ලක්වු පුද්ගලයා අතර, කලක සිට පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි පොලිසිය දැනට සැක පළ කරන්නේ.