Gossips

අනුරාධපුරයේදී දුම්රියට පැන පාසැල් පෙම් යුවලක් මරුට

අනුරාධපුරයේ සිට මැදවච්චිය බලා ධාවනය වු මන්දගාමී දුම්රියට පැන පාසල් වියේ පසුවන පෙම් යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උතුරු දුම්රිය මාර්ගයේ මිහින්තලේ හන්දිය හා හතරැස්වෙල දුම්රිය ස්ථාන අතරදී අද අලුයම මෙම සිද්ධිය වාර්තා වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සිද්ධියෙන් මියගිය තරුණයා අනුරාධපුර මාතලේ හන්දිය සමගිපුර ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවන අතර දැරිය මාතර ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි වියේ පසුවනවා.
ඇය මිට දින කිහිපයකට පෙර පාසල් නිවාඩුවට මෙම තරුණයාගේ නිවස ආසන්නයේ පිහිටි සිය මිත්තණියගේ නිවසට පැමිණ ඇති බවයි මුලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මියගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී සිදු කිරිමට නියමිතයි.