Gossips

අනුරාධපුරයට බිම පෙරළෙමින් යන තරුණයා

මන්නාරමේ සිට අනුරාධපුර දක්වා තරුණයෙක් බිම පෙරලමින් සාම ගමනක් ආරම්භ කර තිබෙනවා.
හින්දු භක්තිකයෙක් වන ඔහු මෙලෙස බිම පෙරෙලෙමින් සිදු කරන සාම ගමනෙහි අරමුණ උතුරේ සහ දකුණේ ජාතින් අතර සංහිඳියාව වර්ධනය කිරීමයි.
මෙහිදී කෙටි දුරක් බිම පෙරලමින් යන ඔහු තැනින් තැන දේශන පැවැත්වීම විශේෂත්වයක්.
එහිදී ඔහු පෙන්වා දෙන්නේ ජාතින් අතර සංහිඳියාවේ ඇති වැදගත්කමයි.
මන්නාරම තිරුකේදීස්වරන් හින්දු කෝවිලේ සිට අනුරාධපුර කදිරේශන් කෝවිල දක්වා ප්‍රධාන මාර්ගය ඔස්සේ කිලෝමීටර් 150 ක දුරක් පෙරලෙමින් ගමන් කිරීමයි ඔහුගේ අරමුණ වී ඇත්තේ.
ලංකාවේ ආගම් අතර භේදයක් ඇති නොවිය යුතු බවටත් සිංහල දෙමළ බැඳීම කිසිදු හේතුවක් නිසා බිඳීමකට ලක් නොවී එය ශක්තිමත් කර දෙන ලෙසටත් දෙවියන්ගෙන් ඉල්ලා සිටිමින් තමන් මෙම අධිෂ්ඨාන සාම ගමන අරම්භ කල බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.
ඔහුට බිම පෙරලී යාම සඳහා තවත් පිරිසක් මහ මඟ ගෝනි ඇතිරිලි යොදා ගනිමින් සහයෝගය ලබා දෙනු ලබනවා.