Gossips

අනුරපුර මහ නගර සභාවේ වැටුප් සකසන්නිය ඇතුලූ හයදෙනා තවදුරටත් රිමාන්ඩ්

අනුරාධපුර මහ නගර සභාවේ රුපියල් තුන්කෝටි අසූහත් ලක්ෂයේ වැටුප් මුදල් වංචා සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින එහි වැටුප් සකසන්නිය ලෙස කටයුතු කළ සේවිකාව සහ ආදායම් පාලක ඇතුලූ සැකකරුවන් හය දෙනාගේ ඇප ඉල්ලීම අද යළි ප්‍රතික්ෂේප කෙරුණා.
ඒ, ඊට අදාළ නඩුව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර හමුවේ සළකා බැලූනු අවස්ථාවේදියි.
අදාළ සේවිකාව අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් සැකසූ වසර කිහිපයක මුදල් බැංකු ගතකළ ලේඛන මේ වනවිට එහි නොමැති බවත්, ඒවා අස්ථාන ගත කිරීමට හෝ විනාශ කර දමන්නට ඇති බවට සැක පවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මෙහිදී අධිකරණයට දැනුම් දුන්නා.
කරුණු සළකා බැලූ මහේ්ස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ සැකකරුවන් මේ මස 26 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.