Gossips

අනුරපුරේදී සහ මෝදරදී හෙරොයින් සමඟ දෙදෙනෙක් කොටු

අනුරාධපුර, පොතානේගම හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් නවයයි මිලි ග්‍රෑම් 750ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අනුරාධපුර ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර ඔහු අද (23) දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර මෝදර ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 320ක් සමඟ සැකකරුවෙකු ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු 31 හැවිරිදි සැකකරු අද (23) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉරිදිරිපත් කිරීමට නියමිත අතර මෝදර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්.