උතුරු පළාත් සභාවේ මීළඟ අමාත්‍ය මණ්ඩල සැසිවාරය තමන්ගේ අනුදැනුමකින් තොරව නොපවත්වන ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පළාත් සභාවේ ලේකම්වරයාට ඊයේ දැනුම් දී තිබෙනවා.
දූෂණ චෝදනා එල්ල වීම හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පළාත් සභාවේ හිටපු අමාත්‍ය පී.ඩෙනීෂ්වරන් ඉවත් කරනු ලැබුවා.
පසුව අභියාචනාධිකරණ නියෝගයක් මත යළිත් අමාත්‍ය ධුරයේ මොහුව පිහිටුවන ලෙසයි දැනුම්දී තිබුණේ.
කෙසේ වෙතත්, ඉන් අනතුරුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් යළිත් ඊට එරෙහිව මහාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනුකර තිබුණා.
ඒ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළම උතුරු පළාත් සභාවේ මතභේදකාරි තත්ත්වයක් හට ගත්තා.
