Gossips

අනියම් සැමියා සමඟ සිටි කාන්තාවකට සිදුවූ අපරාධය

සිය බිරිඳට පිහියෙන් ඇණ ඝාතනය කර පලා ගොස් ඇති සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය පවසනවා.
සැමියාගේ පිහි ඇණුමේන් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාරවිල, කුරුස පල්ලිය, දෙවැනි පියවර පදිංචිව සිටි මංජුලා ප්‍රියදර්ශණී නමැති වයස අවුරුදු 40ක තිදරු මවක් බවයි වාර්තා වන්නේ.
අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (20) රාත්‍රීයේ මෙම පිහි ඇණුම සිදුවී ඇති බවයි.
සැමියා නිවසට පැමිණෙන අවස්ථාවක අදාල කාන්තාව තම අනියම් සැමියා සමඟ නිවස තුල රැදී සිට තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කෝපයට පත් කාන්තාවගේ නිත්‍යානුකූල සැමියා විසින් දෙදෙනාටම පිහියෙන් ඇණ තුවාල සිදුකර පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පිහි ඇණුමේන් තුවාල ලැබූ දෙදෙනා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර දෙනාගේම තත්ත්වය බරපතල වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
එහිදී කාන්තාව මිය ගොස් ඇති බව සඳහන්.
කාන්තාවගේ මෘත ශරීරය මේ වන විට එම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) දින සිදුකිරීමට නියමිතයි
අත්අඩංගුවට ගැනීමට සදහා පොලීසිය විසින් සොයන සැකකරු මීට වසර කීපයකට පෙර මාරවිල මුහුදු තීරයේ සංචාරක හෝටලයකදී වයස අවුරුදු 60 ක් පමණ ජර්මන් ජාතික කාන්තාවක් දුෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ අයෙකු බවද පොලීසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු පවත්වන බවයි වාර්තා වන්නේ.