Gossips

අනියම් සැමියාට ගිනි තැබූ කාන්තාව

කන්තාවක් විසින් සිය අනියම් සැමියාගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබූ පුවතක් ආරච්චිකට්ටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පසුගිය 20 වනදා පෙරවරුවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි ආරච්චිකට්ටුව පොලිසිය සඳහන් කළේ.
සිරුර ගිනි ගැනීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව විවාහක දෙදරු මවක් වන අතර ඇයගේ සැමියා හැරයාමෙන් පසු මැය අදාල පුද්ගලයා සමඟ වසර 11ක පමණ කාලයක සිට මෙම අනියම් සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා රියදුරෙකු ලෙස කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන අතර පසුගිය 20 වනදා ඔහු අදාල කාන්තාවගේ නිවසට පැමිණ තිබෙනවා.
පුද්ගලයාගේ නිවසින් ඔහුට විවාහා යෝජනාවක් ගෙනවිත් ඇති අතර පසුගිය 20 වනදා ඔහු කාන්තාවගේ නිවසට පැමිණිමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇති බව සඳහන්.
එම අවස්ථාවේ ආදාල කාන්තාව ඔහුගේ සිරුරට පෙට්‍රල් වත්කර ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ 34 හැවිරිදි අනියම් සැමියා, 39 හැවිරිදි සැකකාර කාන්තාව විසින්ම රෝහල් ගතකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.