Gossips

අනියම් සැමියාගේ අමානුෂික ප්‍රහාරයෙන් කාන්තාවක් මරුට

සිය අනියම් බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු පිළිබඳව පුවතක් ගොකරැල්ල ප්‍රදේශයෙන් වාර්තාවනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගොකරැල්ල – කිරිඳගල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක්.
ඝාතනයෙන් අනතුරුව සැකකාර අනියම් සැමියා වස පානය කර සියදිවි හානිකරගැනීමට උත්සාහ කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔහුගේ තත්වය බරපතළ නොවන අතර පසුව සැකකරු රෝහල්ගතකර ඇති බවයි වාර්තාවන්නේ.
බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
එහිදී සැකකරු විසින් සිය අනියම් බිරිඳට පහරදී මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි සැකපළකරන්නේ.
එම අවස්ථාවේ ගැටුම නිරාකරණය කිරීමට එම ස්ථානයට පැමිණි මියගිය කාන්තාවගේ වැඩිමහල් සොහොයුරියගේ සැමියාද සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.