Gossips

අනියම් බිරිඳ බලන්න ගිය පොලිස් නිලධාරියා එක්වරම කළ දේ

අනියම් බිරිඳට පහරදී ඇයගේ කෙස්වැටිය කපා දැමූ බව කියන පොලිස් නිලධාරියෙක් පිළිබඳව පුවතක් හලාවත ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ දෙදරු මවක් බවයි වාර්තා වන්නේ.
28 හැවිරිදි ඇය කලක පටන් සිය සැමියාගෙන් වෙන්ව සිටින බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
වසර දෙකක කාලයක් තිස්සේ සැකකාර පොලිස් නිලධාරියා තමන් සමඟ අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ බවයි ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.
පසුගියදා අවුරුද්දට ඔහු සිය නිවසට පැමිණි බවත් එහිදී තමන්ට පහරදුන් බවත් සඳහන් කරමින් එම කාන්තාව මෙලෙස හලාවත පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මීට පෙර තමන් ඒ පිළිබඳව කිසිවෙකුටත් නොපැවසූ බවයි ඇය පොලිසියට සඳහන් කර ඇත්තේ.
පසුව අදාළ පොලිස් නිලධාරියා පසුදිනක නැවතත් සිය නිවසට පැමිණ ඇති අතර එහිදී මෙම කාන්තාව සහ ඔහු අතර බහින්බස්වීමක් ඇතිව තිබෙනවා.
එහිදී එම නිලධාරියා එක්වරම තම දිගු කෙස්වැටිය කපා දැමූ බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ.
අනතුරුවයි සිද්ධිය පිලිබඳව එම කාන්තාව හලාවත පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට හලාවත පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.