Gossips

අනියම් බිරිඳ ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට

වාරියපොළ ගලගෙදර ප්‍රදේශයේදී අනියම් බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ සවස සැකකරු කළ පහරදීමෙන් බරපතල තත්වයේ පසුවු කාන්තාව වාරියපොල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත්තේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්වුයේ වාරියපොල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවක්.
ඇයගේ මෘත ශරීරය වාරියපොල රෝහලේ තැන්පත් කර ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.