පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් අනිද්දා සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල විශේෂයෙන් උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
කෙසේ වෙතත්, දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත තරමක ශීත කාලගුණ තත්ත්වයක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.
