Gossips

අනිද්දා සිට වැසි වැඩිවෙයි

ලබන 4 වනදා සිට දිවයිනේ වැසි සහිත කාලගුණ තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් අනුරාධපුර සහ වව්නියාව දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුව කියාසිටියේ.
දකුණ සහ ඌව පළාත්වලත් රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 50 ක පමණ සාමාන්‍යයෙන් තද වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.