Gossips

අනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

අනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊට අමතරව මධ්‍යම, සබරගමුව සහ කළුතර දිස්ත්‍රික්කයට ද වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා.
මේ අතර, පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් ජල විදුලිය උත්පාදනය කිරීමට යොදා ගැනෙන ප්‍රධාන ජලාශවල ජල මට්ටම් සියයට 87ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළා.