අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4කින් බස් ගාස්තු අඩු කිරීමට අද පැවැති සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍යාංශය සහ පෞද්ගලික බස් රථ හිමියන් අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
කෙසේ වෙතත්, අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුවන්නේ නැහැ.
