Gossips

අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් මිල පහළට

අනිද්දා (12) මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 ක් දක්වා පහළ දමන බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසනවා.
පසුගියදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව මේ වන විට වෙළදපොළේ භූමිතෙල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 101කටයි.
භූමිතෙල් මිල සංශෝධනය කිරීමෙන් පසු ධීවර ප්‍රජාව ඇතුලු පාර්ශව කිහිපයකින් ඊට විරෝධය පළවුණා.
ඇතැම් ධීවර සංගම් සඳහන් කළේ හෙට සිට ධීවර කටයුතුවලින් ඉවත්වීමටද කටයුතු කරන බවයි.
මහා භාණ්ඩාගාරය සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹුණු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි වැඩිදුරටත් කියා සිටියා.