Gossips

අනිද්දා තරගයට ධනුෂ්ක ගුණතිලක

එංගලන්ත කණ්ඩායම සමඟ කොළඹ – එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා ආරම්භවීමට නියමිත තුන්වන ටෙස්ට් තරගය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා සංචිතයට ධනුෂ්ක ගුණතිලක කැඳවා තිබෙනවා.
ඒ, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ නායක දිනේෂ් චන්දිමාල් වෙනුවටයි.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය වෙනුවට නිශාන් පීරිස් තුන්වන ටෙස්ට් තරගය සදහා කැදවීමටයි ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගනු ලැබුවේ.
තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2 ට බින්දුවක් ලෙස දැනටමත් ජයග්‍රහණය කර ඇත්තේ එංගලන්ත කණ්ඩායමයි.