Gossips

අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් කුඩා දරුවෙක් මරුට

යාපනය වඩුක්කෝඩෙයි ප්‍රදේශයේදී අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් කුඩා බිළිඳෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ අනතුරට සිදුව ඇති අතර එම දරුවාගේ වයස අවුරුද්දක් පමණ වන බවයි.
දරුවා නිවසේ නොමැතිවීම පිළිබඳ මව සහ පියා කළ සොයා බැලීමකදී ගෙවත්තේ තිබු ළිඳට වැටී සිටියදී දරුවා හමුවී තිබෙනවා.
එම අවස්ථාවේම බිළිඳා වඩුක්කෝඩෙයි රෝහලට ඇතුලත් කළ ද ඒවන විටත් ඔහු මියගොස් සිටි බව සඳහන්.
දෙමව්පියන් කුලී වැඩ සඳහා ගොස් සිටියදී බිළිඳා ගෙවත්තේ සෙල්ලම් කරමින් සිටියදී ළිඳට වැටෙන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.
එමෙන්ම දරුවා පිළිබඳ දෙමව්පියන් සැලකිලිමත් නොවීම ද අනතුරට හේතුවක් බව පොලිසිය ප්‍රකාශකර තිබෙනවා.