ගිරිබාව, රාජාංගණය ප්රදේශයේදී අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් වයස අවුරුදු 02යි මාස 03ක් පමණ වයසැති පිරිමි දරුවෙක් අද (22) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාල දරුවා තම මව සමඟ ඥාතී නිවසකට ගොස් ඇති අතර එහිදී තවත් දරුවෙකු සමඟ සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස අනාරක්ෂිත ළිඳකට වැටී ඇති බව සඳහන්.
අනතුරට පත් දරුවා ප්රදේශවාසීන් එක්ව රාජාංගණය ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දරුවාගේ සිරුර අනුරාධපුර රෝහල වෙත යවා ඇති අතර ගිරිබාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
ඡායාරූප – ගල්ගමුව, රොෂාන් රණසිංහ