ගලෙන්බිඳුනුවැව කුට්ටිකුලම ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් බේරා ගැනුනා.
අප වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයකින් ගම්මානයට පැමිණ සිටි වන අලියෙකු මෙලෙස වගා ළිඳට වැටී ඇති බවයි.
ඊයේ රාත්‍රී පැමිණ වන අලියා එම ගම්මානයේ කුඹුරු වගාවන්ට මෙන්ම වෙනත් වගාවන් කිහිපයකට ද හානිකර තිබු බව සඳහන්.
ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ වන අලි හේතුවෙන් තම ගම්මානවල වගාවන්ට දැඩි හානි සිදුවන අතර බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බවයි.
