හොරොව්පතාන නිකවැව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිදකට වැටි සිටි කුඩා ඇත් පැටවෙකු වනජීවී නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව අද (21) උදෑසන බේරාගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුවයි මේ ඇත්පැටවා බේරාගැනීමේ මෙහෙයුම වනජීවී නිලධාරින් ආරම්භ කර ඇත්තේ.
මේ ඇත්පැටවාගේ වයස අවුරුදු එක හමාරක් පමණ වන බවයි වනජීවී නිලධාරින් කියා සිටියේ.
මෙලෙස බේරාගත් ඇත්පැටවා ප්‍රතිකාර කිරීම සඳහා අනුරාධපුර පණ්ඩුලගම පිහිටි පශු වෛද්‍ය කාර්යාලය වෙත රැගෙන ගිය බව අප වාර්තාකරු සදහන් කළේ.
