සංවර්ධන ව්‍යාපෘති සිදුකළ යුත්තේ අනාගතය ගැන සිතා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. පසුගියදා විවෘත කෙරුණු මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඊයේ පස්වරුවේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
පස්වරු 6.15 ට පමණ විපක්ෂ නායකවරයා මාතර දුම්රිය ස්ථානයේදී කොළඹ සිට බෙලිඅත්ත දක්වා ගමන් ගන්නා ගාලූ කුමාරි දුම්රියෙන් බෙලිඅත්ත බලා පිටව ගියා.
ආගමික වතාවත්වලට එක්වීමෙන් අනතුරුව ඔහු සංකේතාත්මක ප්‍රවේශ පත්‍රයක්ද මාතර දුම්රිය ස්ථානයෙන් ලබාදී තිබුණා.
මෙම චාරිකාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු එක්ව සිටියා.
