චාවකච්චේරිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒටීඑම් යන්ත්‍රයකින් අන් සතු කාඞ්පතකින් මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
සැකකරු 40 හැවිරිදි නැගෙනහිර පුම්පුහාර් – කෝවිල පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ. 
ඔහු අද චාවකච්චේරිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



