Gossips

අන්නාසි – වැල් දොඩම් මොණරාගල වැවීමේ වැඩසටහනක්

මොණරාගල අන්නාසි සහ වැල් දොඩම් වගා සංවර්ධන කලාප දෙකක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර තිබෙන කඩිනම් කෘෂිකර්ම සංවර්ධන වැඩපිළිවෙල යටතේ වගා සංවර්ධන කලාපවල අපනයන ආදායම ඉහළ නැංවීම මෙහි අරමුණයි.
ඒ අනුව මොණරාගල – මැදගම – මැල්ලගම ප්‍රදේශයේ අක්කර 37 ක භූමි ප්‍රමාණයක අන්නාසි වගා කිරීමට සහ බුත්තල – පැලවත්ත ප්‍රදේශයේ අක්කර 37 ක වැල් දොඩම් වගා කිරීමටයි තීරණය කර ඇත්තේ.
මෙම වැඩසටහන යටතේ ගොවීන් 74 දෙනෙකුට වගා කටයුතු සඳහා අක්කරය බැගින් ලබාදීමට නියමිතයි.