රත්මලාන අන්ධ විද්‍යාලය සුරක්ෂිත කර දෙන ලෙස ඉල්ලා එම විද්‍යාලයේ සිසුන්, දෙමාපියන් සහ ආදි ශිෂ්‍යයින් අද විරෝධතාවක නිරත වුණා.
රත්මලාන අන්ධ විද්‍යාලය අසල හන්දියෙන් පාර අවහිර කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් කොළඹ සිට මොරටුව දක්වා ගාලු පාර අවහිර වූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
රත්මලාන අන්ධ විද්‍යාලයේ පාලනාධිකාරිය අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සිටින බවත්, ඒ සම්බන්ධයෙන් බලධාරින්ගේ අවධානය යොමුවිය යුතු බවයි විරෝධතාවයේ නිරත පිරිස් ඉල්ලා සිටියේ.
කෙසේ වෙතත්, ගල්කිස්ස පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත් වීම මත රත්මලාන අන්ධ විද්‍යාලයේ සිසුන්, දෙමාපියන් සහ ආදි ශිෂ්‍යයින් සිය විරෝධතාව අවසන් කිරීමට එකඟතාව පළ කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
