අන්දමන් මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ පැවති අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් බවට වර්ධනය වීම හේතුවෙන් අන්දමන් සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුව උපදෙස් දෙනවා.
අද සිට ලබන 13 වනදා දක්වා මෙම උපදෙස වලංගු බවයි එම දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්යක්ෂ පද්මප්‍රිය තිසේරා කියා සිටියේ.
එමෙන්ම, අන්දමන් මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී සුළි කුණාටුවක් බවට වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එමගින් දිවයිනට ඍජු බලපෑමක් එල්ල නොවන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ.