අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කළ සයිටම් විරෝධී පා ගමනට පොලීසියෙන් එල්ල කළ ජල සහ කඳුලූ ගෑස් ප්‍රහාරවලට මැදිව තුවාල ලැබූ සිසුවියන් හයදෙනෙකු කොළඹ ජාතික රෝහලේ තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
කැළණිය විශ්වවිද්‍යාලය අසලින් ඊයේ දහවල් ආරම්භ කළ මෙම පා ගමන වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව දෙසට ගමන් කිරිමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය ඔවුන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.