පාසල්වල මුදල් එකතු කිරීමට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ආරම්භ කළ විරෝධතා පාගමන මේ වනවිට කොළඹ – කොටුව දුම්රියපොල ඉදිරිපිටට ළඟා වී තිබෙනවා.
මරදාන – ටෙක්නිකල් මංසන්ධියෙන් ඔවුන් අද පස්වරුවේ මෙම විරෝධතාව ආරම්භ කළ අතර, ඒ හේතුවෙන් අවට මාර්ගවල රථවාහන තදබදයක්ද හටගත්තා.
