Gossips

අන්තරේ සිසුන්ට අදත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර – කැඳවුම්කරු අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේ පාර්ලිමේන්තු වටරවුම අසලදි ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
ඔවුන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසළ සිට මෙම පා ගමන ආරම්භ කළේ රජය විසින් ගෙන ඒමට නියමිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන ලෙස බලකරමින්.
විරෝධතාකරුවන් පාර්ලිමේන්තු වටරවුමෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුලූවීමත් සමඟ මෙලෙස ජල හා කඳුලූ ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් විසුරුවා හැරිමටයි පොලීසිය පියවර ගත්තේ.
විරෝධතාව පැවති අවස්ථාවේදී බත්තරමුල්ල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගත්තා.
මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.