Gossips

අන්තරේ විරෝධයෙන් සිසුවියන් 6 ක් රෝහලේ

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කළ සයිටම් විරෝධී පා ගමනට පොලීසියෙන් එල්ල කළ ජල සහ කඳුලූ ගෑස් ප්‍රහාරවලට මැදිව තුවාල ලැබූ සිසුවියන් හයදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මොවුන්ගේ තත්වය බරපතල නොවන බවයි.
කැළණිය විශ්වවිද්‍යාලය අසලින් ඊයේ දහවල් ආරම්භ කළ මෙම පා ගමන වෝඞ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව දෙසට ගමන් කිරිමට උත්සාහ කළ අවස්ථාවේදියි පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ.
මේ අතර සයිටම් ගැටළුවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුලූ පාර්ශව කිහිපයක සහභාගීත්වයෙන්.