පාසල්වල මුදල් එකතු කිරීමට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විරෝධතා පාගමනක් ආරම්භ කර තිබෙනවා.
හිරු වාර්තාකරු සඳහන් කළේ මරදාන – ටෙක්නිකල් මංසන්ධියෙන් ඔවුන් අද පස්වරුවේ මෙම විරෝධතාව ආරම්භ කළ බවයි.
මේ වනවිට එම විරෝධතාකරුවන් කොළඹ – කොටුව දුම්රියපොල ඉදිරිපිටට ළඟාවෙමින් සිටිනවා.
විරෝධතාවය හේතුවෙන් ටෙක්නිකල් මංසන්ධිය සහ ඒ අවට මාර්ගවල රථවාහන තදබදයක්ද පවතින බවයි වාර්තාකරු සඳහන් කළේ.
