Gossips

අන්තරේ විරෝධතාවක් නිසා කොළඹ – කොටුව අවට රථවාහන තදබදයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ – කොටුව අවට මේ වනවිට රථවාහන තදබදයක් පවතිනවා.
විරෝධතාව හේතුවෙන් ලෝටස් වටරවුම අසළින් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය වසා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කොළඹ – සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසළින් ඔවුන් මෙම පා ගමන ආරම්භ කළේ වයඹ විශ්වවිද්‍යාලයේ සහ තවත් විශ්වවිද්‍යාල කිහිපයක නවක වද සිද්ධීන් මුල් කරගනිමින් දැනට පන්ති තහනමට ලක්ව ඇති සහ බන්ධනාගාර ගත කර ඇති සිසුන් එම චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලමින්.