Gossips

අන්තරේ යළි කොළඹට

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනයට නිසි විසදුමක් ලබා නොදීම සහ සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු කණ්ඩායම් කිහිපයක් කොළඹදී විරෝධතාවක නිරත වීමට සූදානම් වනවා.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය, වෛද්‍ය ශිෂ්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුව සහ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය මෙලෙස හෙට කොළඹදී විරෝධතාවක නිරත වන බවයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර කියා සිටියේ.