Gossips

අන්තරේ පා ගමන හේතුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය වැසේ

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය මේ වනවිට වසා දමා තිබෙනවා.
හිරු වාර්තාකරු සඳහන් කළේ සරසවි සිසුන් මේ වනවිට රාජගිරිය පසුකරමින් බත්තරමුල්ල දෙසට ගමන් කරමින් සිටින බවයි.
එමෙන්ම ඔවුන්ගේ පා ගමන හේතුවෙන් රාජගිරිය අවටද රථවාහන තදබදයක් හටගත්තා.
අද පස්වරුවේ සිසුන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨය අසළින් මෙම විරෝධතාව ආරම්භ කළේ රජය විසින් ගෙන ඒමට නියමිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන ලෙස බලකරමින්.