Gossips

අන්තරේ පා ගමනට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනට පාර්ලිමේන්තු වට රවුම අසළ දී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ ගත් අවස්ථාවේදී මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවයි.
එමෙන්ම පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවද එහි සිටින හිරු වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.
සයිටම් ආයතනය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම විරෝධතා පා ගමන අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසළින්.
මෙම පා ගමන හේතුවෙන් මේ වන විට රාජගිරියේ සිට පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.