Gossips

අන්තරේ පා ගමනට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කර ඇති පා ගමනට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අදාළ විරෝධතාව සාමකාමීව සිදුකරන ලෙස දන්වමින්.
එසේම ජනතාවට අවහිර වන ලෙස පා ගමනේ නිරතවීම සහ රාජ්‍ය ආයතනවලට බලහත්කාරයෙන් ඇතුලූවීම ද එමඟින් තහනම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් අද දහවල් ආරම්භ වූ මෙම පා ගමන මේ වනවිට කැළණිය – අලූත් පාලම පසුකරමින් සිටින බව හිරු වාර්තාකරු සඳහන් කළා.