Gossips

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද පස්වරුවේ පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත්වු විරෝධතාවය අතරතුරදීයි.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසළින් අද දහවල් සරසවි සිසුන් මෙම විරෝධතාව ආරම්භ කළේ රජය විසින් ගෙන ඒමට නියමිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන ලෙස බලකරමින්.
විරෝධතාකරුවන් පාර්ලිමේන්තු වටරවුමෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුලූවීමත් සමඟ පොලිසිය ජල හා කඳුලූ ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් විසුරුවා හැරිමට පියවර ගත්තා.
මේ හේතුවෙන් මේ වනවිට බත්තරමුල්ල අවට මාර්ගවල රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.