විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසල විරෝධතාවයේ නිරතවන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
ඒ මාර්ග බාධක ඉවත් කර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දෙසට යාමට සිසුන් උත්සාහ කිරීමේදීයි.
අද දහවල් කැළණිය විශ්විද්‍යාලය අසලනුයි ඔවුන් මෙම පා ගමන ආරම්භ කළේ.
මෙම විරෝධතාව සාමකාමීව සිදුකරන ලෙස දන්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක්ද නිකුත් කර තිබුණා.
කෙසේ වෙතත් මේ වනවිට කොළඹ වෝඩ් පෙදෙසද වසා දමා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
