Gossips

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ හැව්ලොක් කණ්ඩායම පෙරමුණේ

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය මේ වන විට ද්වන්ධ සටනක් බවට පත්ව තිබෙනවා.
ඒ කොළඹ හැව්ලොක් සහ මහනුවර ක්‍රීඩා සමාජ අතරයි.
පසුගිය සති අන්තයේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමග පැවති සුපිරි වටයේ තරගය ලකුණු 21 – 14 ක් ලෙස ජයගත් හැව්ලොක් කණ්ඩායම ලීග් ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවනවා.
කෙසේ වෙතත් සී.එච්.ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 31 – 13 ක් ලෙස ජය ගන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් වීමත් සමග ඔවුන් සහ හැව්ලොක් කණ්ඩායම අතර පවතින්නේ ප්‍රසාද ලකුණු 2ක පරතරයක් පමණයි.
මේ අනුව ලබන ඉරිදා හැව්ලොක් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මහනුවර සහ හැව්ලොක් කණ්ඩායම් අතර තරගයේ ජයග්‍රාහකයන් මෙවර ලීග් රග්බි ශූරයන් ලෙස කිරුළු පළඳිනු ඇති.