Gossips

අන්තර් සමාජ පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් ශූරතාව මූවර්ස් කණ්ඩායමට

අන්තර් සමාජ පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට මූවර්ස් කණ්ඩායම අද (27) සමත්වුණා.
ඒ, කොළඹ පී. සරා ඕවල් ක්‍රිඩාංගණයේදී අද පැවති අවසන් තරගයේදී එන්.සී. සී. කණ්ඩායම කඩුලු එකකින් පරාජයට කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් එන්.සී.සී. කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 173 ක් ලබාගත් අතර, මූවර්ස් කණ්ඩායම කඩුලු 09 කට ලකුණු 174ක් ලබාගනිමින් තරගය ජයගත්තා.