අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙසට මහීල් බණ්ඩාර දෙහිදෙණිය පත්කර තිබෙනවා.
අද පැවති ශිෂ්‍ය බල මණ්ඩල රැස්වීමේදී මෙම පත් කිරීම සිදුකර ඇති බවයි හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර කියාසිටියේ.
මහීල් බණ්ඩාර දෙහිදෙණිය පත් කිරීමට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන සියලු විශ්ව විද්‍යාලවල ඒකමතික තීරණය ලැබී ඇතැයි සඳහන්.
ඔහු මේවන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙසට ද කටයුතු කරනවා.
