Gossips

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව අවසන්

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරිය ලබාදුන් පොරොන්දුව මත සිය විරෝධතාව අවසන් කළ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ, විරෝධතාව අතරතුරදී ඔවුන්ට ලබාදුන් සාකච්ඡාවෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.
අද දහවල් සරසවි සිසුන් විරෝධතාවයේ නිරත වුයේ නවක වද සිද්ධීන් මුල් කරගනිමින් දැනට පන්ති තහනමට ලක්ව ඇති සහ බන්ධනාගාර ගත කර ඇති සිසුන් එම චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලමින්.
මේ අතර පසුගියදා අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතාව මැඩ පැවැත්වීමට පොලිසිය ගත් අමුතුම පියවරක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූවා.
ඒ විරෝධතාව පෙරමුණට පොලිස් කාන්තා බලඇණියක් යෙදවීම හේතුවෙන්.
කෙසේ වෙතත් අද දිනයේද විරෝධතාව මැඩපැවත්වීම සඳහා පොලිස් කාන්තා බලඇණියක් යෙදවූ අතර අද දිනයේ එම බලඇණියට අත්වූ ඉරණමයි මේ.