Gossips

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය අඛන්ඩ සත්‍යග්‍රහයක

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ කිහිපනමක් මේ වනවිට කොළඹ ලිප්ටන් වටරවුම අසළ අඛන්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
ඔවුන් කොළඹදී අද දහවල් විරෝධතා පා ගමනකන නිරතවීමෙන් අනතුරුවයි මෙලෙස සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත්තේ.
සරසවි විෂය මාලාවේ බෞද්ධ දර්ශනය විෂය කප්පාදු කිරීමට එරෙහිව මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් කියා සිටියේ.