Gossips

අන්තර් මෝසමේ බලපෑම හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට වැසි

අන්තර් මෝසම් කාලගුණ තත්වය ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම බස්නාහිර, දකුණ සහ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි තත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක ප්‍රකාශ කළේ.