Gossips

අන්තර් පාසල් ක්‍රිකට් තරඟ දෙකක් අදත්

මාතර සහ කොළඹ පැවැත්වෙන අන්තර් පාසල් මහා ක්‍රිකට් තරඟ දෙකක දෙවන දිනය අදයි.
මාතර – උයන්වත්ත ක්‍රීඩාංගණයේ ඊයේ (23) ආරම්භ වූ රුහුණු මහා නිල් සටනේදී පළමුවෙන් පන්දුවට පහර දුන් මාතර ශාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම මුල් ඉනිම සඳහා සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 158ක් රැස් කළා.
ඊයේ දිනය නිමාවේදී මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායම කඩුලු 02ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 63ක්.
පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ (23) ආරම්භ වූ 04 වන නීල හරිත සටනේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 167ක් රැස් කර ගනු ලැබුවා.
පළමු දිනය අවසන දී කොළඹ ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම සඳහා කඩුලු දෙකක් දැවී ලකුණු 103ක් ලබා සිටියා.