ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් පළාත් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය හෙට (21) ආරම්භ වීමට නියමිත අතර ඒ අනූව කොළඹ සහ ගාල්ල කණ්ඩායමත්, මහනුවර සහ දඹුල්ල කණ්ඩායමත් ආර්.ප්‍රේමදාස පිටියේදී තරඟ වැදිමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් යළිත් අදහස් දක්වන මහේල ජයවර්ධන ට්ටිටර් සටහනක් තබමින් පවසා සිටින්නේ කණ්ඩායම් 05ක් හෝ 06ක් තිබුණා නම් තවත් ක්‍රීඩකයින් පිරිසකට ක්‍රිඩා කිරීමේ අවස්ථාව හිමිවන බවයි.
"පළාත් කණ්ඩායම් 5 ක් හෝ 6 ක් තිබ්බා නම් හොඳයි කියලා හිතෙන්නේ මම විතරද. මොකද එතකොට අපිට තවත් අවස්ථාවන් දෙන්න පුළුවන්. මේ තරඟාවලියේ ක්‍රීඩකයින් 44 කට විතරයි සෙල්ලම් කරන්න පුළුවන්. අඩුම වශයෙන් ක්‍රීඩකයින් 40 ක් වත් බංකුවට වෙලා ඉන්නවා."
මීට පෙරද මහේල ට්විටර් සටහනක් යොදමින් අන්තර් පළාත් තරඟාවලියේ ක්‍රීඩකයින් තෝරාගැනීමේ ප්‍රතිපත්තිය පිළිබදව විවෙචනාත්මකව අදහස් දක්වා තිබුණු අතර විස්සයි 20 ආකෘතියේ විශේෂඥයින් වන ඩීල්ශාන් මුණවීර,සීකුගේ ප්‍රසන්න, සචිත්ර සේනානායක, මිලින්ද සිරිවර්ධන වැනි ප්‍රබල ක්‍රිඩකයින් එම තරඟාවලියට ඇතුළත් නොවීම සම්බන්ධයෙන්ද අදහස් දක්වා තිබිණ.