Gossips

අන්තර් පළාත් බස් වර්ජනය අත්හිටුවයි

හෙට (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අන්තර් පළාත් පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය ප්‍රකාශ කළා.
ඔවුන් මෙම වර්ජනයේ නිරතවීමට සැලසුම් කර තිබුණේ ටෙන්ඩර් පටිපාටියේ ගැටළුවක් මුල් කර ගනිමින්.
එහෙත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සමඟ ඊයේ පැවති සාකච්ඡා සාර්ථකවීම හේතුවෙන් මෙම තීරණයට එළඹුණු බවයි එම සංගමයේ සභාපති සරත් විජිතකුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.