Gossips

අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය අද සිට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.
මෙම තරගාවලියට අදාළව තරග දෙකක් අද පැවැත්වෙන අතර, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම සහ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම තරග වදිනවා.
එමෙන්ම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අනෙක් තරගයේදී දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායම සහ ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම තරග වදිනු ඇති.